My Blog List

Pages

Tuesday, May 9, 2017

අතීතය..

අතීතය..


අතීතය
නැවත පැමිණ ඇත
පෙරසේම
ඊටත් වඩා බිහිසුණුව
අතීතය නැවත පැමිණ ඇත

ජීවිත වනසා දමන
තම මතය අන් හිස මත
බලෙන් පටවන
අතීතය නැවත පැමිණ ඇත

පරමාධිපත්‍ය ඔබය කියා පැවසුවත්
කොහිද ඔබගේ එම බලය
ප‍්‍රශ්න කරන්නට කවුරුත් නොමැති කල
මෝඩයාද පණ්ඩිතයෙකැයි පවසන සඳ
පණ්ඩිතයන් නම් දැන් බොහෝ වේ මැයි

අතීතය පැමිණ ඇත
පෙරටත් වඩා වේගයෙන් පැමිණ ඇත
නමුත් පෙරටත් වඩා වේගයෙන්
නැවත නික්මෙනු ඇත

එකතු වී නිතී
කලොත් කාහල නාද හද හී 
නකුට පවා  වා ගත නොහී
බලැති කෙසරිඳු පවා බියවෙනු ඇති





Saturday, August 17, 2013

ප්‍රේම්ගේ බ්ලොගය: (ආහ්)ශ්චර්යය

ප්‍රේම්ගේ බ්ලොගය: (ආහ්)ශ්චර්යය

(ආහ්)ශ්චර්යය

(ආහ්)ශ්චර්යය

බලනු සැම තැන
නොමැත කිසි දුක
සුරපුර වන්ය මිහිපිට
දෙවියොත් පුදුම උපදන

බැලු බැලු අත සංවර්ධනය ඉමහත්
රෑ පාන වුවද රේස් යයි යස රගට
නැව් නැති වුවද ඉදිවෙයි වරායද තවත්
ගුවන්ගත වීමටද තව තවත් ගුවන්තොටවල්

උද්ඝෝෂණ කරනු කුමකට
සැප සම්පත් පිරිතිරී ඇති රටට
දේශද්‍රෝහීන් මිසක
අන් අයගෙ වැඩක් නම් නොව

කිරි පවා අහක දමන රටකට
ජලය නම් කෙල පිඩක්මැයි
ඉතින් උන්ඩ මිස
තවත් දේ කුමකටද

බලනු සැම තැන
නොමැත කිසි දුක
සුරපුර වන්ය මිහිපිට
දෙවියොත් පුදුම උපදන





Monday, August 12, 2013

රැකගත යුත්තේ ජනාධිපතිවද ( ඒකාධිපතිත්වයද ? )


මේ ශ්‍රී ලංකාවයි.

ඉතින් මේ රටේ සිදුවන බොහෝමයක් කරැණු කාරණා දෙස විමසිල්ලෙන් බලන්නෙකුටනම් සිදුවන සිද්ධි බොහොමයක් පෙර සැළසුම් කළ ආකාරයේ ඒවා වීම බව පැහැදිලිවම සිතාගත හැක්කේය. අපි එම කාරණා ගැන ඇත්තෙන්ම සාපේක්ෂවවත් කිරා මැන තිබේද ?
එය ඔබට භාර ප්‍රශ්ණයකි.
මගේ ප්‍රශ්ණය එය නොවේ.........

ඔබගේ සිතුවිලි වලින් වත් අප රටේ සහ පැවැත්ම හෝ අසාධාරණයට එරෙහි වීම යන කරැණු කාරණා වලින් ඔබ කිනම් පංගුවකින් දායක වී ඇතිද ?

( මා කියන්නේ ක්‍රියාවෙන් නොව සිතුවලි වලින්වත්.......)
ඔබගේ උත්තරය ???????????????????

මට ඔබගේ උත්තරය අපැහැදිලිව ඇතත් ම දන්නා දෙයක් ඇත.
එනම් අද අප රටේ ඇත්තේ අවිනීතියට එරෙහිව සුසුමක් හෝ පිට කිරීමටවත් ඇති ඔබගේ අයිතිය වෙනුවෙන් ඔබට ඇති ඔබගේ  බිය මා දනිමි.
එසේ වී ඇත්තේ මන්ද ?
නීතියක් යැයි දෙයක් අප රටේ තිබුනත් එය ක්‍රියාවේ යෙදවීමේදී බලය අවම ජනතාවට වඩා බලය ඇති ජනතාවට වෙත එය සහනශීලී වී නැතිද?
ඉතින් එවන් වූ නීතියක් ඇති රටක අප මහ ඉහළින් ගරැ කරන ජනාධිපතිවරයාට එම නීතිය බලනොපානා බව ඔබද මමද දන්නා කරැණනකි. මන්ද යත් අප රටේ විධායක ජනාධිපති( මෙය ඒකාධිපතියැයි මම හදුන්වමි. කරැණාකරන්න මෙය මගේ මතයයි ) නීතියට යටත්ව නැත.

එය පැහැදිලිනැතිනම්, ඔහු ඔහුගේ දෙවන ධූර කාලය ආරම්භ වීමේදී ඉතා බර යොදා කී කරැණ වන්නේද එයයි.

අද ඔහු එය තමාට නිසි පරිදි මෙහෙයවිය හැකි කෂේරැකා නැති ඕනැම පුදුගලයෙකු වෙත පතිත කර ඔහුගේ අවශ්‍යතාව වෙනුවෙන් මෙහෙයවයි. එයට නීතියක් පිළිසරක් අපට යැදිය නොහැක. සැවොම කරන්නේ ඒකාධිපතිතීවයේ හෙණ පහර තමාගේ හිස මතට පත්ත වීමට පෙර තමාගේ හිස පමණක් නොව මුළු ශරීරාංගම තමන්ගේ නොවන අයුරින් ඒකිධිපතීත්වයට රිසි පරිදි පාලනයට නතු කිරීමට ගන්නා බලු පොරයකි. එවන් වු ජරා ජීර්ණ පාලක පන්තියක් ‍ෙමහෙයවන අප රට ලොව උතුම්ම රට යැයි තව දුරටත් ඔබේ මුවින් කිව හැකිද ?

ඔබ රැකිය යුත්තේ ඔබවමද ? නැතිනම් ඒකාධිපතීත්වයද ?

ඔබ රැ‍කෙන්නට නම් ඒකරාශී විය යුතුය...තනි තනිව  සිතුවිලිවලින් එරෙහිවනවා වෙනුවට ඒකරාශී වී කාහල නාද කල යුතුය. එවිට සියළුම බලු පොර නවතිනු ඇත. ඔබගේ හඩට බයවී සුනඛ කේසර බිදි යනු ඇත. ඔවුන්ට දුවන්නට පාරවත් අමතක කරන්නට ඔබ වගබලා ගත යුතුව ඇත.

මතකයේ තබා ගන්න. ජනතා පරමාධිපත්‍යය ඔබ සතුය. එසේ නම් ඔබ ඔබගේ පරමාධිපතිබව රැක ගැනීමට ඒකාධිපතිතිවය සහමුළින්ම පරාද කල යුතුව ඇත. තව දුරටත් ඒකාධිපතිභාවයට ඉඩ තබනවාද ?

ඔබ එයට සූදානම්ද??????????

Tuesday, March 30, 2010

විජාතික කුමන්ත්‍රණය

හෙටත් ඉරැ නැගන විට
ඇසේවිද අද වාගෙ
අන්තර්ජාතික ප්‍රජාවේ
භයංකාර කුමන්ත්‍රණ
අපේ රට කේතුමතී රජ දහන කරන්නට
සැදී පැහැදී සිටින
අසූ හාර දහසකට වඩා නොවැඩි
අනේ ! අනුහස් ඇති මැති ඇමති සද
පිළිවෙලින් සගපුත් ඇමති පරපුරද
සමග මලකෑ පංචායුධය
මෙහෙයවන මහා බලැති
රජෙක් යැයි පවසන සක්වික්තෙකුට
එරෙහිව
හෙටත් හිරැ නැගෙන විට
ඇසේවිද..........
යලි යලිදු අපේ දෙසවනට
විජාතික කුමන්ත්‍රණ
භයානක කුමන්ත්‍රණ
අහෝ දුකකි
තුක් නොදෝමකින්

Monday, March 1, 2010

පංකාව


පංකාව කරකැවෙයි වේගයෙන්
මගේ හිසද ගෙන....
කරකැවෙයි වේගයෙන්
ඇදුරිදු දෙසනා
න්‍යාය, නීති,රීති,
පාවෙලා විත් සුළගද සමග
පංකාව..................
කරකැවෙයි වේගයෙන්
මගේ හිසද ගෙන.
කරකැවෙයි වේගයෙන්.................
කම්පාව - පංකාව
පංකාව -කම්පාව